කරුණාකර එක් එක් ප්‍රකාශය (වගන්තිය) කියවා එය පසුගිය සතිය තුල ඔබට දැනුණු/හැඟුණු අයුරු දැක්වීම සදහා 0, 1, 2 හෝ 3 සංඛ්‍යා වලින් එකක් තෝරන්න. මෙහි හරි හෝ වැරදි පිළිතුරු නැත. කිසිදු ප්‍රකාශයක් සදහා පමණට වැඩිි කාලයක් ගත නොකරන්න.

අගැයීමේ මිනුම මෙසේය:

0   මට කිසිසේත් අදාළ නැත
1   මට තරමක් දූරට හෝ සමහර වෙලාවට අදාළයි
2   මට සැලකිය යුතු ප්‍රමාණයකට හෝ සැලකිය යුතු කාලයකට අදාළයි
3   මට බොහෝ දුරට හෝ බොහෝ වෙලාවට අදාළයි


# Statement 0 1 2 3
1) සන්සුන්වීමට අපහසු බවක් මට දැනුණි.
2) මගේ තොල කට වීයලී ගිය බවක් දැනුණි.
3) කිසිවිටක ධනාත්මක හෝ සුභවාදී හැඟීමක් ඇති නොවුණ බව මට සිතුණි.
4) මට හුස්ම ගැනීමේ අපහසුවක් දැනුණි.(උදා: අධික වේගයෙන් හුස්ම ගැනීම, කායිකව වෙහෙසට පත්නොවූ විටද හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම)
5) මට වැඩක් පටන් ගැනීමට උනන්දුව ඇතිකර ගැනීමට අපහසු වුණි.
6) පැන නැඟෙන තත්වයන්ට/සිදුවීම්වලට පමණට වඩා ප්‍රතිචාර දක්වන්නට මම පෙලඹුනෙමි.
7) මා වෙව්ලන බව මට දැනුණි. (උදා: අත් වෙව්ලීම)
8) මා බොහෝ ලෙස මනස වෙහෙස කරවන බවක් මට දැනුණි.
9) කලබලයට පත්ව මෝඩයෙකු ලෙස හැසිරේ යැයි මම කනස්සල්ලට පත් වූයෙමි.
10) අනාගතය (ඉදිරිය) පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නැති බව මට හැඟුණි.
11) මා ඉක්මනින් කලබල වන බවක් මට දැනුණි.
12) සැහැල්ලුවෙන් සිටීමට අපහසු බව මට දැනුණි.
13) මා කලකිරීමෙන් හා කණගාටුවෙන් සිටින බව මට දැනුණි.
14) මා කරමින් සිටින දෙයට බාධාවන කිසිම දෙයක් මට ඉවසිය නොහැකි විය.
15) මා ඉක්මනින් අනිසි බියට/කලබලයට පත්වන්නට යන බවක් මට දැනුණි.
16) මට කිසිම දෙයකට උනන්දුවක් ඇතිකරගත නොහැකි විය.
17) මා එතරම් වටිනාකමක් නැති කෙනෙකු බව මට දැනුණි.
18) මා සුළු දෙයකටත් තරහ ගත් බව හෝ ඉතා සංවේදී වූ බව මට දැනුණි.
19) කායික/ශාරීරික වෙහෙස වීමකින් තොරවූ අවස්ථාවලදීද හදවතේ ක්‍රියාකාරීත්වය (ගැස්ම) මට දැනුණි. (උදා: හද ගැස්මේ වේගය වැඩිවන බවක් දැනීම, හද ගැස්මේ අසාමාන්‍යතාවයක් ඇති බව දැනීම)
20) මා සාධාරණ හේතුවක් නැතිව බියට පත්වන බව මට දැනුණි.
21) මගේ ජීවිතයේ කිසි තේරුමක් නැති බව මට දැනුණි.
  • This questionnaire is a screening tool for psychological distress and does not provide a definite diagnosis
  • Having a low score on this questionnaire does not entirely exclude the possibility of a significant mental health issue
  • You are advised to meet a mental health professional for any concerns related to your mental health

Copyright © 2023 Health Data Science Unit, Faculty of Medicine, University of Kelaniya, Sri Lanka. All Rights Reserved.